ඇමති විජේදාසට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීමට වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (14) නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටියේ නැහැ.

ඒ අනුව අදාළ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවන නිසා එය දීර්ඝ නොකරන බවත් විනිසුරුවරිය සඳහන් කළා.

එහිදී අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින විජයදාස රාජපක්ෂ සහ සරත් ඒකනායක යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් උත්තර හා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් ඉන් අනතුරුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තමන් වෙනත් නඩු විභාගයකට සහභාගි වී සිටි හෙයින් මෙම නඩුව සඳහා පෙනී සිටීමට නොහැකි වූ බවත් ඒ අනුව නඩුවට අදාළ වාරණ නියෝගය දීර්ඝ කරන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය නඩුවට අදාළ උත්තර හා විරෝධතා ගොනු කිරීමට ජූලි මස 18 වනදා දක්වා කල් දුන් අතර වාරණ නියෝගය ජූනි මස 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56