මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් පැතිකඩක් විවෘත කෙරේ – උඩරටත් පීලි පනියි

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද (13) පෙරවරුවේ මන්දගාමී දුම්රියක් පීලි පැනීමකට ලක් ව දුම්රිය ධාවනයට සිදු වූ බාධාව මේ වනවිට යම් තාක් දුරකට විසඳා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අද උදෑසන පානදුර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක් මෙලෙස අනතුරට ලක් වුණා.

මේ හේතුවෙන් පැය තුනකට අධික කාලයක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලික ව නතර කිරීමටයි දුම් රිය ස්ථානය භාර නිලධාරීන් කටයුතු කළේ.

මේ හේතුවෙන් රජරට රැජිණ දුම්රියේ ගමනාගමනය ද කොළඹ කොටුව දක්වා සීමා කෙරුණා.

දුම්රිය පීලි පැනීමෙන් අසල තිබූ දුම්රිය සංඥා කණුවකට ද දැඩි අලාභ හානි සිදු වූ අතර, එය පීලි පැනීමට ලක් වන අවස්ථාවේ දී දුම් රිය පාපුරුවේ සිටි පුද්ගලයෙකු බිමට ඇද වැටෙන ආකාරය ද අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ අයුරුයි වාර්තා වන්නේ.

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය අනතුරින් අවහිර වී තිබූ දුම්රිය මාර්ග දෙකෙන් එක් දුම්රිය මාර්ගයක් අද දහවල් 2.35 වන විට විවෘත කිරීමට දුම්රිය කාර්මික ශිල්පීන් සමත් වුණා.

කොළඹ ජල ධාවක බලාගාර ශිල්පීන් ඇතුළු 50කට ආසන්න ප්‍රමාණයක් පැය තුනක පමණ කාලයක් දැඩි වෙහෙසක් දරා එම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ද පීලි පැනීමක් සිදු ව තිබෙනවා.

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය අද දින පස්වරු 03.25 ට පමණ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදියි පීලි පැනීමට ලක් ව ඇත්තේ.

එම අනතුරින් දුම්රියේ නැරඹුම් මැරිදියේ එක් රෝද කට්ටලයක රෝදයක් පමණක් පීලි පැනීමකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?