මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් පැතිකඩක් විවෘත කෙරේ – උඩරටත් පීලි පනියි

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද (13) පෙරවරුවේ මන්දගාමී දුම්රියක් පීලි පැනීමකට ලක් ව දුම්රිය ධාවනයට සිදු වූ බාධාව මේ වනවිට යම් තාක් දුරකට විසඳා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අද උදෑසන පානදුර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක් මෙලෙස අනතුරට ලක් වුණා.

මේ හේතුවෙන් පැය තුනකට අධික කාලයක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලික ව නතර කිරීමටයි දුම් රිය ස්ථානය භාර නිලධාරීන් කටයුතු කළේ.

මේ හේතුවෙන් රජරට රැජිණ දුම්රියේ ගමනාගමනය ද කොළඹ කොටුව දක්වා සීමා කෙරුණා.

දුම්රිය පීලි පැනීමෙන් අසල තිබූ දුම්රිය සංඥා කණුවකට ද දැඩි අලාභ හානි සිදු වූ අතර, එය පීලි පැනීමට ලක් වන අවස්ථාවේ දී දුම් රිය පාපුරුවේ සිටි පුද්ගලයෙකු බිමට ඇද වැටෙන ආකාරය ද අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ අයුරුයි වාර්තා වන්නේ.

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය අනතුරින් අවහිර වී තිබූ දුම්රිය මාර්ග දෙකෙන් එක් දුම්රිය මාර්ගයක් අද දහවල් 2.35 වන විට විවෘත කිරීමට දුම්රිය කාර්මික ශිල්පීන් සමත් වුණා.

කොළඹ ජල ධාවක බලාගාර ශිල්පීන් ඇතුළු 50කට ආසන්න ප්‍රමාණයක් පැය තුනක පමණ කාලයක් දැඩි වෙහෙසක් දරා එම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ද පීලි පැනීමක් සිදු ව තිබෙනවා.

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය අද දින පස්වරු 03.25 ට පමණ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදියි පීලි පැනීමට ලක් ව ඇත්තේ.

එම අනතුරින් දුම්රියේ නැරඹුම් මැරිදියේ එක් රෝද කට්ටලයක රෝදයක් පමණක් පීලි පැනීමකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39