ක්‍රිකට් පිටියෙන් එහාට ගිය පසමිතුරුකම්

දේශසීමා සහ සංස්කෘතීන් හරහා මිනිසුන් එක්සත් කිරීමට ක්‍රීඩාව අදහස් කරන ලෝකයක, එවැනි ප්‍රමුඛ වේදිකාවක් මත ජාතිවාදය හිස ඔසවනු දැකීම දැඩි කලකිරීමට කාරණයක්.

පසුගියාදා නිමා වූ T20 ලෝක කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නිව්යෝර්ක් හි පැවති තරගයට පෙර, හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක කම්රාන් අක්මාල් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අර්ෂ්දීප් සිං පිළිබඳ කළ වාර්ගික හා සංවේදී නොවන අදහසක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

පාකිස්තානයේ ARY පුවත් සමග පැවති සංවාදයක දී අක්මාල් අර්ෂ්දීප්ගේ සීක් උරුමය සම්බන්ධයෙන් අවමන්සහගත ව අදහස් දක්වමින් “Kuch bhi ho sakta hai… 12 baj gaye hai (සික් ජාතිකයෙකුට ඕනෑම දෙයක් සිදුවිය හැක. එය දැනටමත් 12)” යනුවෙන් පවසා තිබුණා.

මෙම ප්‍රකාශය, හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං ඇතුළු බොහෝ දෙනෙකුගේ දැඩි ප්‍රතිචාර සහිතව ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා.

තම ප්‍රජාවට සහ රටට දැඩි පක්ෂපාතීත්වය දැක්වීම සඳහා ප්‍රසිද්ධ හර්බජාන් පසුබට වූයේ නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ, ඔහු අක්මාල්ට දැඩි ව ප්‍රතිචාර දක්වා තිබුණේ, “Lakh di laanat tere Kamraan Akhmal.. – ඔබ ඔබේ කුණු කට අරින්නට පෙර ඔබ සික්වරුන්ගේ ඉතිහාසය දැන සිටිය යුතුය. අපි සික් ජාතිකයන් ඔබේ මව්වරුන් සහ සහෝදරියන් ආක්‍රමණිකයන් විසින් පැහැරගෙන යන විට ඔවුන් බේරා ගත්තෙමු, කාලය නොවරදවාම රාත්‍රී 12 විය. ඔබ ගැන ලැජ්ජයි… කෘතඥතාවක් ඇති කර ගන්න.” යනුවෙන්.

හර්බජාන්ගේ ප්‍රතිචාරය හුදෙක් අර්ෂ්දීප් ආරක්ෂා කිරීමක් පමණක් නොව සීක් ප්‍රජාවගේ ඓතිහාසික දායකත්වය සහ පරිත්‍යාගයන් පිළිබඳ ප්‍රබල මතක් කිරීමක් වුණා.

පකිස්තානයේ සමහර පැතිවලින් සීක්වරුන්ට එරෙහි පිළිකුල සහ අගතිය අලුත් දෙයක් නොවෙයි.

1947 බෙදීමේ දී පකිස්තාන මුස්ලිම් ලීගය විසින් සික් ජාතිකයින් වෙත එල්ල කරන ලද සමූහ ඝාතනයන්, ස්ත්‍රී දූෂණ සහ වධහිංසා පිළිබඳ ඉතිහාසය නොසලකා හැරිය නොහැකි අඳුරු පරිච්ඡේදයක්.

හර්බජන් සිං අර්ෂ්දීප් සිං දැඩි ලෙස ආරක්ෂා කිරීම වර්ගවාදයට සහ ආගම්වාදයට එරෙහි ව ක්‍රියා කිරීමට බලමුළු ගැන්වීමක් වනවා.

එය අපට මතක් කර දෙන්නේ ක්‍රීඩාව විවිධත්වය හෑල්ලු කිරීමට නොව එය සැමරීමට මාධ්‍යයක් විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03