නීතිවිරෝධී ව මසුන් මැරූ පිරිසක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

නීතිවිරෝධී ව මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වුණු පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙම සිදුවීම යාපනය – කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (12) සිදු ව ඇති බවයි.

තහනම් දැල් භාවිතයෙන් සහ නීතිවිරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 16 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා අටක් සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

මෙරටට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදු කෙරෙන නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගත කිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩය මගිනුයි මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 53 ත් අතර වයසේ පසුවන මුල්ලියාන් සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත අදාළ සැකකරුවන් භාරදීමට කටයුතු කර ඇති බවත් නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Image 2024 06 13 at 11.56.21 1
WhatsApp Image 2024 06 13 at 11.56.21
WhatsApp Image 2024 06 13 at 11.56.20 1
WhatsApp Image 2024 06 13 at 11.56.20
WhatsApp Image 2024 06 13 at 11.56.19 1
WhatsApp Image 2024 06 13 at 11.56.19
WhatsApp Image 2024 06 13 at 11.56.18 1
WhatsApp Image 2024 06 13 at 11.56.18
WhatsApp Image 2024 06 13 at 11.56.17 1
WhatsApp Image 2024 06 13 at 11.56.17
WhatsApp Image 2024 06 13 at 11.56.16 1
WhatsApp Image 2024 06 13 at 11.56.16
WhatsApp Image 2024 06 13 at 11.56.15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27