AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී ව මසුන් මැරූ පිරිසක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

නීතිවිරෝධී ව මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වුණු පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙම සිදුවීම යාපනය – කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (12) සිදු ව ඇති බවයි.

තහනම් දැල් භාවිතයෙන් සහ නීතිවිරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 16 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා අටක් සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

මෙරටට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදු කෙරෙන නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගත කිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩය මගිනුයි මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 53 ත් අතර වයසේ පසුවන මුල්ලියාන් සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත අදාළ සැකකරුවන් භාරදීමට කටයුතු කර ඇති බවත් නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Image 2024 06 13 at 11.56.21 1
WhatsApp Image 2024 06 13 at 11.56.21
WhatsApp Image 2024 06 13 at 11.56.20 1
WhatsApp Image 2024 06 13 at 11.56.20
WhatsApp Image 2024 06 13 at 11.56.19 1
WhatsApp Image 2024 06 13 at 11.56.19
WhatsApp Image 2024 06 13 at 11.56.18 1
WhatsApp Image 2024 06 13 at 11.56.18
WhatsApp Image 2024 06 13 at 11.56.17 1
WhatsApp Image 2024 06 13 at 11.56.17
WhatsApp Image 2024 06 13 at 11.56.16 1
WhatsApp Image 2024 06 13 at 11.56.16
WhatsApp Image 2024 06 13 at 11.56.15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රීවරු 03දෙනෙකුගෙන් - ජනාධිපතිවරණයක් දිනපු - ලෝකේ එකම නායකයා - අනුර කුමාර දිසානායක
01:42
Video thumbnail
ජපන් තානාපතිවරයා හදිසියේ - ජනාධිපති ලේකම් හම්බවෙයි #npp #akd #anurakumaradissanayaka
01:09
Video thumbnail
🛑Breaking News - තව පැය 48කින් බළ පෙරළියක් #sjb #unp #npp #brekingnews
04:28
Video thumbnail
බෙරිහන් දීපු හරීන් - සජබය සමග දීගෙක - මේ මිනිස්සු කටින්ද මේ කතා කරන්නේ ?#harinfernando #sjb
04:04
Video thumbnail
සජබ මුල් පුටු රැසක් කනපිට ගසයි #sajithpremadasa
01:25
Video thumbnail
පොලීසියේ ඩියුටිය ඉල්ලුවේ - දැන් පුළුවන් හොරු අල්ලන්න - මාලිමාවට සුළුතර බලයක් දෙන්න
02:20
Video thumbnail
🛑Breaking News - රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදීසියේ සියළු දෙනා රැස්වෙයි #brekingnews #ranil
01:54
Video thumbnail
අනුර කුමාර කියන්නේ හොඳ කතිකයෙක් - විනාඩි 10ක් විතර කොළයක් බලාගෙන මොනවද ඒ කරේඑ#akd #sjb
02:07
Video thumbnail
කාළගුණය කැළඹෙයි - අකුණු අවධානමකුත් - අවධානයෙන් ඉන්න #whether #badweather
01:49
Video thumbnail
තාඹුගල අධිකරණය ඉදිරියේ සංවේදී වී කිව්ව කතාව...
02:33

?