Empty Ad
Empty Ad
 Empty Ad

ඉන්දු – ජපන් වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාසය ඇරඹේ

ඉන්දීය නාවික හමුදාවේ ස්වදේශීය නෞකාවක් වන INS ශිවාලික්, ජපාන – ඉන්දියා සමුද්‍රීය අභ්‍යාස 2024 (JIMEX 24) හි අටවන සංස්කරණයට සහභාගී වීම සඳහා ජපානයේ යොකොසුකා වෙත ළඟා වුණා.

2012 වසරේ සිට පැවැත්වෙන මෙම අභ්‍යාසය ඉන්දියාවේ සහ ජපානයේ නාවික හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් බව ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ (JMSDF) යොකොසුකා දිස්ත්‍රික්කයේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් ITO Hiroshi සහ ජපානයේ ඉන්දීය තානාපති තානාපති Sibi George විසින් INS ශිවාලික් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

මෙම අභ්‍යාසයට වරාය සහ මුහුදු අදියර යන දෙකම ඇතුළත්.

වරාය අදියර වෘත්තීය, ක්‍රීඩා සහ සමාජ අන්තර් ක්‍රියාවලින් සමන්විත වන අතර, ඉන් අනතුරුව නාවික හමුදා දෙක එක් ව මුහුදේ දී ඔවුන්ගේ යුද සටන් කුසලතා ඔප්නැංවීමටත්, මතුපිට, උප මතුපිට සහ ගුවන් වසම් තුළ සංකීර්ණ බහු-ක්ෂේත්‍ර මෙහෙයුම් හරහා ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත් කටයුතු කරනු ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

JS Yugiri මිසයිල නාශක යුද නෞකාව ජපාන පාර්ශ්වයෙන් අභ්‍යාසයට එක් වනු ඇති.

මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා නාවික හමුදා දෙකෙහි ම ඒකාබද්ධ හෙලිකොප්ටර් යානා ද සහභාගී වීමට නියමිතයි.

වසර ගණනාවක් පුරා විෂය පථය සහ සංකීර්ණත්වය වර්ධනය වී ඇති අතර, JIMEX 24 එකිනෙකාගේ හොඳම භාවිතයන්ගෙන් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා දෙන අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පෝෂණය කිරීමට සහ ඉන්දු – පැසිෆික් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම නැවත තහවුරු කිරීමට ඉන්දීය නාවික හමුදාව සහ ජපාන නාවික හමුදාව අතර මෙහෙයුම් අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සපයනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භය සජීවී විකාශය
46:36
Video thumbnail
Jetstar ශ්‍රී ලංකා ගුවන් ගැබ අක්‍රමණය කරයි - අඩුම මුදලකින් වැඩිම වින්දනයක්
01:09
Video thumbnail
දෙමළ පක්ෂත් ශ්‍රමදානයට අහුවෙලා - ආණ්ඩුවටත් යම් කාලයක් දෙන්න ඕනි
04:15
Video thumbnail
සැරයටියෙන් පාර්ලිමේන්තු ආපු මාලිමාවේ නවක මන්තී කළ දුක හිතෙන කතාව
02:14
Video thumbnail
රස්තියාදුකාර දේශපාලනය ඉවත් වෙයි - පාර්ලිමේන්තුව සංවර පාර්ලිමේන්තුවක් වෙයි
02:17
Video thumbnail
අපිට අත්දැකීම් තියෙනවා - නලීන් බණ්ඩාරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
01:46
Video thumbnail
ජනාධිපති අනුර කුමාර තවමත් ඉන්නේ රනිල්ගේ වැල් පාලමේම තමයි
02:49
Video thumbnail
මේ බොරුවට ඉඩ තියන්න එපා - අවුරුදු 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය අපි
05:08
Video thumbnail
හම්බන්තොට නගර සභාවට ඉල්ලන්න තීන්දු කළොත් කියන්නම් - නාමල් කොරවෙයි
02:13
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23

?