ලන්දේසින්ට පාට් දැමූ චීන ගුවන් යානා

චීන ගුවන් හමුදා ජෙට් යානා නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ දී නෙදර්ලන්ත නාවික යාත්‍රාවක් වටා කැරකෙමින් සහ හෙලිකොප්ටරයක් වෙත ළඟා වෙමින් අනාරක්ෂිත තත්ත්වයක් ඇති කළ බව නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කළේ උතුරු කොරියාවට එරෙහි ව එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට සහාය දැක්වීම සඳහා HNLMS ට්‍රොම්ප් නෞකාව සිකුරාදා මුර සංචාරයේ යෙදී සිටියදී චීන ප්‍රහාරක ජෙට් යානා දෙකකින් අවස්ථා කිහිපයක දී නෞකාව වට කළ බවයි.

පසුව නෞකාවේ NH90 හෙලිකොප්ටරය ආසන්නයට චීන ප්‍රහාරක ජෙට් යානා දෙකක් සහ හෙලිකොප්ටරයක් පැමිණ තිබෙනවා.

සිද්ධිය ජාත්‍යන්තර ගුවන් සීමාවේ දී සිදු වී ඇතැයි නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ජපානය බලා යාත්‍රා කරමින් සිටින ට්‍රොම්ප් ඉන් අනතුරුව “රිම් ඔෆ් ද පැසිෆික්” නාවික අභ්‍යාස සඳහා හවායි වෙත ගමන් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56