උසස් පෙළ විශිෂ්ටයෝ ඇමති අතින් ඇගයීමට ලක්වෙති

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහනක් අද (10) පැවැත්වුණා.

ඒ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී යි.

මෙම ඇගයීම් උත්සවයේ දී ජෛව විද්‍යා විෂයය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපානි ලෙනෝරා, භෞතික විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබාගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරත් නිරෝධ, වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථමයා වූ පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිනි, කලා විෂය ධාරාවෙන් ප්‍රථමයා වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ, ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් ශෙහානි නවෝද්‍යා, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් කිරුලු සිහිල්දිය අධ්‍යාපන අමාත්‍යවරයා අතින් ඇගයීමට ලක් කෙරුණා.

ඇගයීම් උත්සවයෙන් අනතුරුව මෙම සිසු දරු දැරියන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32