AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ජාතිය අමතමින් එම්මානුවෙල් මැක්‍රෝන් කියා සිටියේ පහළ මන්ත්‍රණ සභා මැතිවරණය ජුනි 30 වෙනිදා කැඳවන බවත් දෙවන වටයේ ඡන්ද විමසීම ජූලි 07 වන දින පවත්වන බවයි.

යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තම ප්‍රතිවාදියා වූ Marine Le Pen ගේ ජාතික රැළිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ මස අගදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Marine Le Pen ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය 32% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්ව සිටින බවත්, එය ජනාධිපතිවරයාගේ පක්ෂය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිශතයක් නිසාත් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පැරිස් ඔලිම්පික් උළෙලට පෙර ජූනි 30 සහ ජූලි 7 යන දිනවල වට දෙකකින් මැතිවරණය පැවැත්වෙන බවයි.

ප්‍රංශයේ යුරෝපා සංගම් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී, පැයකට පසු එලිසී මාලිගයේ සිට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රංශ ජනපති මැක්‍රොන් මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?