Indian Premier League

ඉන්දීය කණ්ඩායමෙන් අගමැති මෝදිට අමතක නොවන තෑග්ගක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (09) පැවති තරගයෙන් තියුණු සටනකින් පසු පාකිස්ථානය පරාජය කළ ඉන්දීය කණ්ඩායම, ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අගමැති නරේන්ද්‍ර මෝදිට අමතක නොවන ත්‍යාගයක් ලබා දුන්නා.

නිව්යෝර්ක් හි නසාවු හිදී පැවති මෙම තරගයෙන් ඉන්දියාව ලකුණු 06ක තියුණු ජයක් හිමිකර ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන නායක බාබර් අසාම් නසාවු තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමඟ තරගය ආරම්භ කෙරුණේ පැයකට අසන්න කාලයක් ප්‍රමාදවීමෙන් පසුවයි.

ඒ, අනුව පාකිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියල්ලන් දැවී ලකුණු 119 ක් රැස්කළා.

පාකිස්ථාන වේග පන්දු යවන්නන් ඉදිරියේ ඉන්දීය පිතිකරුවන් එකිනෙකා අසරණ වෙද්දී සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වුණේ රිෂාබ් පාන්ට් පමණයි.

ඔහු පන්දු 31ක් තුළ ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නසීම් ෂා සහ හරිස් රවුෆ් ඉන්දීය ඉනිමේ කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 120ක ඉලක්කයක් හඹා යාමට පාකිස්ථාන කණ්ඩායම පිටියට පිවිසි අතර, එහිදී ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 113ක් පමණයි.

පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 31ක් රැස්කළ අතර අනෙකුත් පිතිකරුවන් 08 දෙනාට ලකුණු 15 සීමාව ඉක්මවා යන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිත් බුම්රා කඩුලු 03ක් සහ හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08
Video thumbnail
පොලිසියෙන් - හමුදාවට සැර සද්දයක්
01:08

?