ඉන්දීය කණ්ඩායමෙන් අගමැති මෝදිට අමතක නොවන තෑග්ගක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (09) පැවති තරගයෙන් තියුණු සටනකින් පසු පාකිස්ථානය පරාජය කළ ඉන්දීය කණ්ඩායම, ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අගමැති නරේන්ද්‍ර මෝදිට අමතක නොවන ත්‍යාගයක් ලබා දුන්නා.

නිව්යෝර්ක් හි නසාවු හිදී පැවති මෙම තරගයෙන් ඉන්දියාව ලකුණු 06ක තියුණු ජයක් හිමිකර ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන නායක බාබර් අසාම් නසාවු තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමඟ තරගය ආරම්භ කෙරුණේ පැයකට අසන්න කාලයක් ප්‍රමාදවීමෙන් පසුවයි.

ඒ, අනුව පාකිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියල්ලන් දැවී ලකුණු 119 ක් රැස්කළා.

පාකිස්ථාන වේග පන්දු යවන්නන් ඉදිරියේ ඉන්දීය පිතිකරුවන් එකිනෙකා අසරණ වෙද්දී සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වුණේ රිෂාබ් පාන්ට් පමණයි.

ඔහු පන්දු 31ක් තුළ ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නසීම් ෂා සහ හරිස් රවුෆ් ඉන්දීය ඉනිමේ කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 120ක ඉලක්කයක් හඹා යාමට පාකිස්ථාන කණ්ඩායම පිටියට පිවිසි අතර, එහිදී ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 113ක් පමණයි.

පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 31ක් රැස්කළ අතර අනෙකුත් පිතිකරුවන් 08 දෙනාට ලකුණු 15 සීමාව ඉක්මවා යන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිත් බුම්රා කඩුලු 03ක් සහ හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33