ලෝක කුසලානයේ දී අයි.සී.සීය එක් එක් කණ්ඩායම්වලට බෙදපු බෙදිල්ල මෙන්න

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී එක් එක් කණ්ඩායම්වලට තරග සැලසුම්කර ඇති ආකාරය පිළිබඳව අයි.සී.සීය වෙත බොහෝ පිරිසක් චෝදනා එල්ල කරනවා.

කණ්ඩායම් කිහිපයක් හැරුණු කොට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවකට තරගාවලිය පුරා ක්‍රීඩාංගණයෙන් ක්‍රීඩාංගණයට ඉතා ඉහළ කිලෝමීටර් සංඛ්‍යාවක් සංචාරය කළ යුතු බවයි චෝදනා කරන්නේ.

ඒ, අනුව මෙවර තරගාවලිය තුළ වැඩිම දුර ප්‍රමාණයක් සංචාරය කළ යුතු කණ්ඩායම වන්නේ බංග්ලාදේශ කණ්ඩායමයි.

ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය තුළ කිලෝ මීටර් 9,921ක් සංචාරය කළ යුතු වනවා.

ඉන් දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය තුළ සංචාරය කළ යුතු කිලෝ මීටර් සංඛ්‍යාව 8,097ක්.

මෙවර තරගාවලිය තුළ අඩුම කිලෝ මීටර් සංඛ්‍යාවක් සංචාරය කළ යුතු කණ්ඩායම වී ඇත්තේ එංගලන්තය වන අතර, ඔවුන්ට තරගාවලිය පුරාවට සංචාරය කිරීමට ඇති කිලෝ මීටර් ප්‍රමාණය 505ක් වනවා.

එක් එක් කණ්ඩායම් තරගාවලිය තුළ සංචාරය කළ යුතු දුර ප්‍රමාණයන් පහතින්.

බංග්ලාදේශය – 9,921 KM
ශ්‍රී ලංකාව – 8,097 KM
නෙදර්ලන්තය – 7,380 KM
නේපාලය – 4,214 KM
කැනඩාව – 3,922 KM
ඇමරිකාව – 3,922 KM
පාකිස්ථානය – 3,922 KM
අයර්ලන්තය – 3,434 KM
දකුණු අප්‍රිකාව – 3,306 KM
ඉන්දියාව – 1,717 KM
බටහිර ඉන්දීය කොදෙව් 1,709 KM
ඇෆ්ගනිස්ථානය – 1,521 KM
පැපුවා නිව් ගිනීයා – 1,246 KM
උගන්ඩාව – 1,246 KM
ස්කොට්ලන්තය – 1,242 KM
ඕස්ට්‍රේලියාව – 1,195 KM
නැමීබියාව – 924 KM
ඕමාන් – 891 KM
නවසීලන්තය – 623 KM
එංගලන්තය – 505 KM

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
27
+1
4
+1
4
+1
1
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32