AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානය පෝලියෝ සටන පරදීද ?

සැලකිය යුතු විදේශ අරමුදල් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල සහාය තිබියදීත්, පාකිස්ථානය පෝලියෝ තුරන් කිරීමේ මෙහෙයුම අපේක්ෂිත ප්‍රතිඵල අත්කර නොගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු පාර්ශ්වකරුවන්ගේ වැඩි අවධානයට යොමු වී තිබෙනවා.

මෙම තත්ත්වය රෝගය තුරන් කිරීමේ දී පාකිස්ථාන බලධාරීන් මුහුණ දෙන සැලකිය යුතු අභියෝග අවධාරණය කරනවා.

ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව රැඩිකල් කණ්ඩායම් වැරදි තොරතුරු පතුරුවා හැරීමත් සමඟ පෝලියෝ රෝගීන්ට පහරදීම් පාකිස්ථානයෙන් නිරන්තරයෙන් වාර්තා වනවා.

මෙම වසරේ පමණක්, Khyber Pakhtunkhwa (KP) පළාතේ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාර සඳහා ආරක්ෂාව සැපයීමේ දී පොලිස් නිලධාරීන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එහි ආසන්නතම සිද්ධිය පසුගිය ජූනි 03 වැනිදා ලක්කි මාවාට් දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර පෝලියෝ එනන්ත්කරණ කණ්ඩායමකට නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙක් මිය ගියා.

පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පෝලියෝ මර්දන කණ්ඩායම, දිගින් දිගටම එල්ලවන ප්‍රහාර සහ රටේ දේශපාලන හා මිලිටරි සංස්ථාපිතයෙන් ලැබෙන සීමිත සහයෝගය හේතුවෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින බව ද වාර්තා වනවා.

පාකිස්ථානයෙන් වාර්තා වන පෝලියෝ රෝගීන්ගේ නිරවද්‍යතාවය පිළිබඳව කනස්සල්ලක් මතුව ඇති අතර ඇතැමුන් චෝදනා කරන්නේ රජය ජාත්‍යන්තර අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා සත්‍ය සංඛ්‍යා වසන් කරන බවයි.

මෙම විනිවිදභාවය නොමැතිකම ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරනවා.

එමෙන්ම දේශිය වශයෙන්, පාකිස්ථානයේ අනාගත පරම්පරාවට, ආර්ථිකයට සහ සමාජයට බලපාන, ස්ථීර ආබාධිත තත්ත්වයට වයස අවුරුදු පහට අඩු දරුවන් දැඩි ලෙස ගොදුරු වනවා.

තවද, පෝලියෝ ආවේණිකව පවතින රටවල් වන්නේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය බැවින් පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල පෝලියෝ එන්නත් කිරීමට එරෙහි ආගමික විරුද්ධත්වය අසල්වැසි ඇෆ්ගනිස්ථානයට සහ අනෙකුත් ඉස්ලාමීය රටවලට බලපෑම් එල්ල කිරීමේ අවදානමක් ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?