පාකිස්ථානය පෝලියෝ සටන පරදීද ?

සැලකිය යුතු විදේශ අරමුදල් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල සහාය තිබියදීත්, පාකිස්ථානය පෝලියෝ තුරන් කිරීමේ මෙහෙයුම අපේක්ෂිත ප්‍රතිඵල අත්කර නොගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු පාර්ශ්වකරුවන්ගේ වැඩි අවධානයට යොමු වී තිබෙනවා.

මෙම තත්ත්වය රෝගය තුරන් කිරීමේ දී පාකිස්ථාන බලධාරීන් මුහුණ දෙන සැලකිය යුතු අභියෝග අවධාරණය කරනවා.

ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව රැඩිකල් කණ්ඩායම් වැරදි තොරතුරු පතුරුවා හැරීමත් සමඟ පෝලියෝ රෝගීන්ට පහරදීම් පාකිස්ථානයෙන් නිරන්තරයෙන් වාර්තා වනවා.

මෙම වසරේ පමණක්, Khyber Pakhtunkhwa (KP) පළාතේ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාර සඳහා ආරක්ෂාව සැපයීමේ දී පොලිස් නිලධාරීන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එහි ආසන්නතම සිද්ධිය පසුගිය ජූනි 03 වැනිදා ලක්කි මාවාට් දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර පෝලියෝ එනන්ත්කරණ කණ්ඩායමකට නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙක් මිය ගියා.

පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පෝලියෝ මර්දන කණ්ඩායම, දිගින් දිගටම එල්ලවන ප්‍රහාර සහ රටේ දේශපාලන හා මිලිටරි සංස්ථාපිතයෙන් ලැබෙන සීමිත සහයෝගය හේතුවෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින බව ද වාර්තා වනවා.

පාකිස්ථානයෙන් වාර්තා වන පෝලියෝ රෝගීන්ගේ නිරවද්‍යතාවය පිළිබඳව කනස්සල්ලක් මතුව ඇති අතර ඇතැමුන් චෝදනා කරන්නේ රජය ජාත්‍යන්තර අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා සත්‍ය සංඛ්‍යා වසන් කරන බවයි.

මෙම විනිවිදභාවය නොමැතිකම ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරනවා.

එමෙන්ම දේශිය වශයෙන්, පාකිස්ථානයේ අනාගත පරම්පරාවට, ආර්ථිකයට සහ සමාජයට බලපාන, ස්ථීර ආබාධිත තත්ත්වයට වයස අවුරුදු පහට අඩු දරුවන් දැඩි ලෙස ගොදුරු වනවා.

තවද, පෝලියෝ ආවේණිකව පවතින රටවල් වන්නේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය බැවින් පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල පෝලියෝ එන්නත් කිරීමට එරෙහි ආගමික විරුද්ධත්වය අසල්වැසි ඇෆ්ගනිස්ථානයට සහ අනෙකුත් ඉස්ලාමීය රටවලට බලපෑම් එල්ල කිරීමේ අවදානමක් ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29