‘කුකුල් චමින්ද’ අත්අඩංගුවට ගන්න ගිය පොලිසියේ අයට වැඩ වරදින ලකුණු

වැලිඔය ප්‍රදේශයේ දී ‘කුකුල් චමින්ද’ නැමැත්තාගේ පහර කෑමට ලක් වූ කුඩා දැරියගේ වීඩියෝ සමාජගත කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාලට එරෙහිව පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ළමා ආරක්ෂණ සන්ධානය (Child Protection Alliance) විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, එමඟින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එය වීඩියෝ ගතකර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාලගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ ප්‍රචාරය කර ඇති බවයි.

පොලිස් භාරය ගැනීමෙන් පසු රාජ්‍ය රැකවරණයේ සිටින වින්දිත දැරියගේ පුද්ගලිකත්වය සහ රහසිකගත භාවය නොසළකා හරිමින් ඇයගේ මුහුණ නිරාවරණය කරමින් දැරිය වඩාගෙන සිටින නිලධාරියා සහ රූගත කළ නිලධාරියා ළමා ආරක්ෂණ ගෝලීය මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද ළමා ආරක්ෂණ සන්ධානය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා සිටිනවා.

එමෙන්ම වැලිඔය පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ද දරුවා සමඟ සිටින වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිටත් ප්‍රචාරය වෙමින් පවතින බවයි අදාළ ලිපිය මඟින් දන්වා ඇත්තේ.

වගකීම සහ වගවීම නොසලකා හරිමින් වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය උල්ලංඝනය කරමින් නිලධාරීන්ගේ අඛණ්ඩ විෂමාචාරය පොලිස් සේවය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වී ඇති බව ළමා ආරක්ෂණ සන්ධානය තවදුරටත් මෙම ලිපිය මඟින් අවධාරණය කර තිබෙනවා.

පොලිස්පතිවරයාට යොමුකළ ලිපිය පහතින්.

447963762 809525548028604 1764201867908198384 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
144
+1
330
+1
984
+1
82
+1
122
+1
91
+1
362
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57