වැලිඔය ප්‍රදේශයේ දී ‘කුකුල් චමින්ද’ නැමැත්තාගේ පහර කෑමට ලක් වූ කුඩා දැරියගේ වීඩියෝ සමාජගත කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාලට එරෙහිව පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ළමා ආරක්ෂණ සන්ධානය (Child Protection Alliance) විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, එමඟින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එය වීඩියෝ ගතකර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාලගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ ප්‍රචාරය කර ඇති බවයි.
පොලිස් භාරය ගැනීමෙන් පසු රාජ්‍ය රැකවරණයේ සිටින වින්දිත දැරියගේ පුද්ගලිකත්වය සහ රහසිකගත භාවය නොසළකා හරිමින් ඇයගේ මුහුණ නිරාවරණය කරමින් දැරිය වඩාගෙන සිටින නිලධාරියා සහ රූගත කළ නිලධාරියා ළමා ආරක්ෂණ ගෝලීය මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද ළමා ආරක්ෂණ සන්ධානය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා සිටිනවා.
එමෙන්ම වැලිඔය පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ද දරුවා සමඟ සිටින වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිටත් ප්‍රචාරය වෙමින් පවතින බවයි අදාළ ලිපිය මඟින් දන්වා ඇත්තේ.
වගකීම සහ වගවීම නොසලකා හරිමින් වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය උල්ලංඝනය කරමින් නිලධාරීන්ගේ අඛණ්ඩ විෂමාචාරය පොලිස් සේවය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වී ඇති බව ළමා ආරක්ෂණ සන්ධානය තවදුරටත් මෙම ලිපිය මඟින් අවධාරණය කර තිබෙනවා.
පොලිස්පතිවරයාට යොමුකළ ලිපිය පහතින්.















Daruwage muna penvim waradak nove e awasthawe niladarin kala karya agayanna oya ngio karao kunu hoyan nathiwa me vipath nathikirimata waga bala ganna bambine manawa himikam prima kata pamanay
Mara ratak meka… puken sina..
Mee police niladari mahathmaya ee video eka eyage profile ekaka palakireema sambandawa ee mahathmayata erihi vinaya kriyamargayak policeya paththen ho neethimaya piyawarak ohuge ema kriyawata erehiwa kriyathmaka karanna eeka wenama paththak namuth mee kriyaawa sambandayen warada karuwan wechcha kukul chaminda kiyana pudgalayata erehi neethimaya thathwaya thulin ema warada karuwanta ema barapathala waraddata upareema daduwama labadiya yuthui ehema naththama mewani waradakaruwan samabandawa neethimaya piyawara wihiluwakata haassiyata lakwenawa ewani waradakaruwan policeyatath neethiyatath samachchal karana thathwayakata waradi poorwadarsayak wenawa niyathai eenisa mewani dee sambandawa buddhimath theerana gathayuthuwenawa…
අර දරුවා ගුටි කනවා බලාගෙන හිටපු අපිට එ මානසිකත්වයෙන් මිදුනේ ඌව පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.. ඔය කියන එක ආයතනයක්වත් අරූව අල්ලන්නවත් බලන්නවත් ගියේ නැහැ. පොලිසියයි එයට මැදිහත් වෙලා අත්අඩංගුවට ගත්තේ .ගත්තට පස්සේ නැති නැති දේවල් හොයන්න ඔය කියන ආයතනවල්..අපි වගේම එයාලත් මිනිස්සු. ඒ අපේ මානසිකත්වයම එයාලටත් තිබිල තියනව. එයාලටත් දරුවන් ඉන්නවා ඒකයි එයාලා ඒ පින්තූරෙ එලියට දැම්මේ…