රූ රැජණ කිරුළ උදුරා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්

ශ්‍රී ලංකා විවාහක රූ රැජණ තේරීමේ තරගාවලියේදී කිරුළ හිමි කරගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් කිරුළ බලහත්කාරයෙන් ඇගෙන් උදුරා ගැනීම සොරාගැනීමක් බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රියාව සිදුකළ ලෝක විවාහක රූ රැජණ කැරොලයින් ජූරිට එරෙහිව වසර දහයේ සිට වසර විස්ස දක්වා සිර දඬුවම් ලබාදීමට මෙන් ම ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝගයක් ලබාදීමට අධිකරණයට හැකියාව පවතින බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසීය.

පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ හිස පැළඳී කිරුළ ඇගේ හිසෙන් ගලවා ඉවත් කර එය වෙනත් අයෙකුගේ හිස මත පැළඳවීමට කටයුතු කිරීම ඇයට නොතිබුණු බලයක් පෙන්වා සිදුකළ බලහත්කාරකමක් මෙන් ම සොරාගැනීමක් බවට පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා පැවසීය.

මෙම ක්‍රියාව සිදුකළ කැරොලයින් ජූරි නමැත්තියට එරෙහිව බලහත්කාරකම් පෑම, බලෙන් ලබාගැනීම, සොරාගැනීම හා තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.

එපමණක් නොව තම සංවිධානයට කළ අපහාසයට හා සංවිධානයේ කොන්දේසි උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කැරොලයින් ජූරිට එරෙහිව නඩු පැවරීමට එම රූ රැජණ තරගය සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.

එම තරගාවලියේදි කැරොලයින් ජූරී නමැත්තිය කළ ක්‍රියාව කිසිසේත් ම අනුමත කළ නොහැකි බව ද පෙන්වාදෙන යූ.ආර්. ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පවසන්නේ ඇය නීතියට පටහැනිව බලහත්කාරකමක් කර ඇති බවට පෙනෙන්නට තිබෙන බවත් ඇය කළ මෙම නින්දා සහගත ක්‍රියාව නිසා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන බවත් ය.

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?