රූ රැජණ කිරුළ උදුරා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්

ශ්‍රී ලංකා විවාහක රූ රැජණ තේරීමේ තරගාවලියේදී කිරුළ හිමි කරගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් කිරුළ බලහත්කාරයෙන් ඇගෙන් උදුරා ගැනීම සොරාගැනීමක් බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රියාව සිදුකළ ලෝක විවාහක රූ රැජණ කැරොලයින් ජූරිට එරෙහිව වසර දහයේ සිට වසර විස්ස දක්වා සිර දඬුවම් ලබාදීමට මෙන් ම ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝගයක් ලබාදීමට අධිකරණයට හැකියාව පවතින බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසීය.

පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ හිස පැළඳී කිරුළ ඇගේ හිසෙන් ගලවා ඉවත් කර එය වෙනත් අයෙකුගේ හිස මත පැළඳවීමට කටයුතු කිරීම ඇයට නොතිබුණු බලයක් පෙන්වා සිදුකළ බලහත්කාරකමක් මෙන් ම සොරාගැනීමක් බවට පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා පැවසීය.

මෙම ක්‍රියාව සිදුකළ කැරොලයින් ජූරි නමැත්තියට එරෙහිව බලහත්කාරකම් පෑම, බලෙන් ලබාගැනීම, සොරාගැනීම හා තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.

එපමණක් නොව තම සංවිධානයට කළ අපහාසයට හා සංවිධානයේ කොන්දේසි උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කැරොලයින් ජූරිට එරෙහිව නඩු පැවරීමට එම රූ රැජණ තරගය සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.

එම තරගාවලියේදි කැරොලයින් ජූරී නමැත්තිය කළ ක්‍රියාව කිසිසේත් ම අනුමත කළ නොහැකි බව ද පෙන්වාදෙන යූ.ආර්. ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පවසන්නේ ඇය නීතියට පටහැනිව බලහත්කාරකමක් කර ඇති බවට පෙනෙන්නට තිබෙන බවත් ඇය කළ මෙම නින්දා සහගත ක්‍රියාව නිසා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන බවත් ය.

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46