සජිත් සමඟ විවාදයට අනුර සූදානම්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස සහභාගී වනවාදැයි තහවුරු කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගය විසින් රාජ්‍ය රූපවාහිනී නාලිකාව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම පක්ෂයේ සමාජික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අත්සනින් යොමු කර ඇති ලිපියේ වැඩි දුරටත් දැක්වෙන්නේ තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අදාල විවාදය සඳහා සහභාගී වීමට සූදානමින් සිටින බවයි.

ජාතික ජන බලවේගයේ නායන අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදයක් පැවැත්වීම පිළිබඳ මාස කිහිපයක සිට දේශපාලන වේදීකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණා.

අදාල පක්ෂ දෙක අතර අවස්ථා කිහිපයකදී විටින් විට විවාදයට දින යොදා ගැනීම පිළිබඳ ලිපි හුවමාරු වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අද දිනයේ අදාල විවාදය පැවැත්වීමට එකඟ වී තිබුණා.

ඒ අනුව රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ අදාල විවාදය විකාශය කර ලෙසට ජාතික ජන බලවේගය ඉල්ලීමක් සිදු කර තිබූ අතර රාජ්‍ය රූපවාහිනී නාලිකාව විසින් අදාල යෝජනාව පිළිගගෙන තිබෙනවා.

එවන් පසුබිමක අද පැවැත්වීමට නියමිත විවාදය සඳහා නිශ්චිතවම සජිත් ප්‍රේමදාස සහභාගී වනවාදැයි විමසමින් ජාතික ජන බලවේගය විසින් මෙම ලිපිය යොමු කර තිබෙනවා.

උපුටා ගැනීම,

අද දිනයේදී අදාළ විවාදයට අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගි වීමට සූදානමින් සිටින බව මෙයින් දැනුම් දෙමු.

කෙසේ වුව ද, මෙය සාමාන්‍ය රූපවාහිනි සංවාදයක් නොව දැනටමත් ප්‍රකාශිත විවාදයක් වන බැවින් ප්‍රතිපාර්ශවය වන සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඊට සහභාගි වන්නේ ද යන්න පිළිබඳව තහවුරු කර ගත යුතුව ඇත.

එබැවින් ඒ මහතා අදාළ දිනයේ යොදා ඇති වේලාවට සහභාගි වන බව දැනුම් දී ඇත්දැයි කඩිනමින් අප වෙත දැනුම්දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

උපුටා ගැනීම අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
10
+1
2
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47