ස්ලෙනෙස්කි චීනයට දෙහි කපයි

රුසියාව ගෙන යන ආක්‍රමණය හේතුවෙන් යුද්ධයකට මුහුණ පා සිටින යුක්‍රේනය මේ වනවිට චීනය සමඟ පැටලෙමින් සිටිනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සුප්‍රසිද්ධ ෂැංග්‍රිලා සංවාදයේ දී චීනයට දොස් පවරා ඇති බවයි.

මේ මස අගදී ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත යුක්‍රේන සාම සාකච්ඡා වටය සඳහා සහභාගි නොවන බවට චීනය ප්‍රකාශ කර තිබීම ඊට හේතු වී තිබෙනවා.

යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනයට සාමය ගෙන ඒමේ අරමුණින් මේ මස අගදී ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන සාම සමුළුවට සහභාගී වීමට ඉඩනොදී චීනය අනෙකුත් රටවල් අධෛර්යමත් කරන බවයි.

සිංගප්පූරුවේ පැවති ආසියාවේ විශාලතම ආරක්ෂක සමුළුව වන ෂැංග්‍රිලා සංවාදයේ දී අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා චීනයට මෙම චෝදනාව එල්ල කළා.

ආසියා පැසිෆික් ජාතීන් අතර සහයෝගය එක්රැස් කර ගැනීමට උත්සාහ කරමින් ස්විට්සර්ලන්ත රැස්වීමට සහභාගී වන ලෙසයි ඔහු එහිදී චීනයෙන් ඉල්ලා සිටියේ.

“ලෝකය ඔරොත්තු දිය යුතුය, එය ශක්තිමත් විය යුතුය, රුසියාවට බලපෑම් කළ යුතුය,” යනුවෙන් ස්ලෙනෙස්කි ෂැංග්‍රිලා සංවාදයේ දී පවසා තිබෙනවා.

“පුටින්ව නැවැත්වීමට වෙනත් ක්‍රමයක් නැත – රාජ්‍ය තාන්ත්‍රික හුදකලාව, ශක්තිමත් යුක්‍රේන හමුදාවක් සහ ලෝකයේ සියලුම රටවලට යුක්‍රේනය සහ රුසියාව අතර තුලනය නොවී ජාත්‍යන්තර යුක්තිය සහ නීතිය ආරක්ෂා කිරීම මගින් පමණක් එය සිදුකළ හැකි බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවේ.

කෙසේවෙතත් ඇතැම් ලෝක නායකයින් මෙතෙක් සාම සමුළුව ස‍ඳහා පැමිණීම තහවුරු කර නොමැති බව ද යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී කලකිරීමෙන් පවසා සිටි බවයි වාර්තා වන්නේ.

රුසියාව ඇතැම් රටවල්වලට සාම සමුළුව සඳහා සහභාගි නොවන ලෙස අනතුරු අඟවමින් සහ කෘෂිකාර්මික භාණ්ඩ හා ආහාර නිෂ්පාදන අවහිර කරන බවට තර්ජනය කරමින් සමුළුව අඩපණ කිරීමට උත්සාහ කරමින් සිටි බවටයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි චෝදනා කළේ.

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා සිංගප්පූරුවේ දී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ලෝක නායකයින් සාම සමුළුව සඳහා සහභාගී වීමෙන් වළක්වන රුසියාවේ ක්‍රියාවලට චීනය සහාය දුන් බවයි.

“කණගාටුවට කරුණක් නම්, රුසියාව, කලාපයට චීන බලපෑම භාවිත කරමින්, චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් ද යොදා ගනිමින්, සාම සමුළුව කඩාකප්පල් කිරීමට සෑම දෙයක්ම සිදු කරනවා.චීනය වැනි විශාල, ස්වාධීන, බලගතු රටක් පුටින්ගේ අතේ මෙවලමක් වීම අවාසනාවක් ” ස්ලෙනෙස්කි එහිදී පැවසුවා.

මීට වසරකට පමණ පෙර යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර දුරකථන ඇමතුමක් සිදුවුණා.

යුක්‍රේනය සෑම තරාතිරමකම චීන නිලධාරීන් සමඟ රැස්වීම් ඉල්ලා සිටි නමුත් චීනය මෙතෙක් එවැනි රැස්වීමකට ඉඩ ලබා දී නැහැ.

එමෙන්ම යුක්‍රේනය ජනාධිපතිවරයා මෙන්ම චීන බලධාරීන් ද ෂැංග්‍රිලා සංවාදයට සහභාගී විම සඳහා සිංගප්පූරුවේ රැඳී සිටියා.

එහෙත් එහිදී ද කිසිඳු චීන නිලධාරීයෙකු යුක්‍රේන ජනාධිපතිවරයා හමුවී නොතිබුණු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34