AFC Banner
Empty Ad
Empty Ad

මහින්දානන්ද එක්ක එල්ලුණු රාජපක්ෂට පැය 04ක සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රහාරයකට ලක්ව පාදයක බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව කියන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පැය 04ක පමණ ශල්‍යකර්මයක් සිදුකළ බව ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ පවසනවා.

ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ යුද හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයා පැවසුවේ තමන් සහ අලුත්ගමගේ මන්ත්‍රීවරයා උණුසුම් කතාබහක නිරත වූ අවස්ථාවේ දී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා එක්වරම තමාට අතින් පයින් පහර දුන් බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ තමා ඔහුගේ කමිස කොළරයෙන් අල්ලාගත් බවත්, ඒ අසල සිටි තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුපසට ගැනීමට උත්සාහ කිරීමේ දී ඔහු ඇද වැටී තුවාල ලැබූ බවයි.

මේ සම්බන්ධයෙන් නිවැරදි දර්ශන ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් ලබාගත හැකි බව ද ඔහු පැවසුවා.

ඊයේ (03) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකින් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනා අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
55
+1
6
+1
2
+1
3
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?