මහින්දානන්ද එක්ක එල්ලුණු රාජපක්ෂට පැය 04ක සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රහාරයකට ලක්ව පාදයක බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව කියන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පැය 04ක පමණ ශල්‍යකර්මයක් සිදුකළ බව ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ පවසනවා.

ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ යුද හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයා පැවසුවේ තමන් සහ අලුත්ගමගේ මන්ත්‍රීවරයා උණුසුම් කතාබහක නිරත වූ අවස්ථාවේ දී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා එක්වරම තමාට අතින් පයින් පහර දුන් බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ තමා ඔහුගේ කමිස කොළරයෙන් අල්ලාගත් බවත්, ඒ අසල සිටි තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුපසට ගැනීමට උත්සාහ කිරීමේ දී ඔහු ඇද වැටී තුවාල ලැබූ බවයි.

මේ සම්බන්ධයෙන් නිවැරදි දර්ශන ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් ලබාගත හැකි බව ද ඔහු පැවසුවා.

ඊයේ (03) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකින් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනා අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46