බස් ගාස්තු අඩු කළොත් වාසිය ගන්නේ කොන්දොස්තර

ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔටෝ ඩීසල් ලීටරයක් ඊයේ (31) රාත්‍රියේ රුපියල් 16.00කින් අඩු වූ බව සඳහන් කළ සභාපතිවරයා පසුගිය මාසයේ ද ඩීසල් මිල රුපියල් 3.00කින් අඩු කළ බව සිහිපත් කර සිටියා.

ඒ, අනුව මෙම මාස දෙක තුළ රුපියල් 19.00කින් ඩීසල් මිල අඩු වී ඇති බව සඳහන් කළ සභාපති ගැමුණු විජේරත්න, එලෙස අඩු වූ රුපියල් 19.00ක අගය බස් ගාස්තු පිළිබදව ජාතික ප්‍රතිපත්තියට අනුව 4%ක් ඉක්මවා නොමැති බවයි පැවසුවේ.

ඒ හේතුවෙන් ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩුවන ප්‍රතිශතයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 28.00ක් දක්වා අඩුකළ ද බස් කොන්දොස්තරවරුන් ඉතිරි රුපියල් දෙකක මුදල ලබා නොදී රුපියල් 30.00ක මුදලක් මගියාගෙන් අය කරන බවත් ඔහු මෙහිදී පැවසුවා.

ඒ, අනුව ගෙවීම් කාඩ් පතක් මඟින් මගීන්ට ගමන් පහසුව සලසාදීමට අවස්ථාව ලබාදෙන්නේ නම් මෙලෙස ඉතිරි මුදල් පිළිබඳව ගැටළුවක් ඇති නොවන බව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එලෙස කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් මෙලෙස රුපියල් 19.00කින් ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩුවන ප්‍රතිශතය ලබන 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

එලෙස කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක නොකර බස් ගාස්තු අඩු කළහොත් එහි ප්‍රතිලභාය මගී ජනතාවට හෝ බස් හිමියාට ද හිමි නොවන බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව එහි ප්‍රතිලභාය ලබාගන්නේ බස් රථ කොන්දොස්තරවරුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00