AFC Banner
Empty Ad
Empty Ad

දෙපාමුල වැඳ වැටුණු තණතීරු ආක්‍රමණිකයාගේ දිවි රැකදෙන බවට දෝනිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

පසු ගිය සති අන්තයේ අවසන් වූ අයි.පී.එල්. තරගාවලියේ දී ඔවුන්ගේ සුපිරි තරු හමුවීමට ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණ ආරක්ෂාව උල්ලංඝනය කර තණතීරුව ආක්‍රමණය කළ අවස්ථා කිහිපයක්ම දැකගත හැකි වුණා.

මෙම සිදුවීම් අතුරින් මැයි 10 වනදා චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර අහමදාබාද්හි දී පැවති තරගය අතර තුර ප්‍රේක්ෂකයෙක් ක්‍රීඩා පිටියට පැමිණීමේ සිද්ධිය සම්බන්ධව ඉන්දීය මාධ්‍යවල මේ වනවිට අවදානය යොමුව තිබෙනවා.

මෙම ප්‍රේක්ෂකයා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිව හමුවීමට මෙලෙස ක්‍රීඩා පිටිය ආක්‍රමණය කළ ආකාරයි දැකගැනීමට ලැබුණේ.

එලෙස ක්‍රීඩා පිටියට කඩාවැදුණු එම ප්‍රේක්ෂකයා දෝනි අසලට දිවවිත් ඔහුගේ දෙපාමුල වැටී ඔහුට ගෞරව කරන ආකාරය එහිදී දැකගත හැකි වුණා.

ජේකුමාර් ජානි නැමැති 21 හැවිරිදි එම ප්‍රේක්ෂකයා මේ වනවිට සඳහන් කරන්නේ තම සැත්කම සඳහා අවශ්‍ය වියදම පියවා ගැනීමට සහාය දෙන බවට දෝනි එම අවස්ථාවේ දී පොරොන්දු වූ බවයි.

දෝනිව හමු වූ ඒ විනාඩි කිහිපය තුළ තමන් අසනීපයකින් පෙළන බව දෝනි හඳුනාගත් බවයි එම ප්‍රේක්ෂකයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, සම්බන්ධයෙන් දෝනි තමන්ගෙන් විමසා සිටි බවත්, එහිදී තමන් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවට දෝනිට පැවසූ බවත් එම තරුණයා සඳහන් කළා.

එම අවස්ථාවේ දී ඊට ප්‍රථිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් තමන් වෙත ලබාදෙන බවට මහේන්ද්‍ර සිං දෝනි පැවසූ බවයි ජේකුමාර් ජානි තරුණයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
6
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?