දෙපාමුල වැඳ වැටුණු තණතීරු ආක්‍රමණිකයාගේ දිවි රැකදෙන බවට දෝනිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

පසු ගිය සති අන්තයේ අවසන් වූ අයි.පී.එල්. තරගාවලියේ දී ඔවුන්ගේ සුපිරි තරු හමුවීමට ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණ ආරක්ෂාව උල්ලංඝනය කර තණතීරුව ආක්‍රමණය කළ අවස්ථා කිහිපයක්ම දැකගත හැකි වුණා.

මෙම සිදුවීම් අතුරින් මැයි 10 වනදා චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර අහමදාබාද්හි දී පැවති තරගය අතර තුර ප්‍රේක්ෂකයෙක් ක්‍රීඩා පිටියට පැමිණීමේ සිද්ධිය සම්බන්ධව ඉන්දීය මාධ්‍යවල මේ වනවිට අවදානය යොමුව තිබෙනවා.

මෙම ප්‍රේක්ෂකයා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිව හමුවීමට මෙලෙස ක්‍රීඩා පිටිය ආක්‍රමණය කළ ආකාරයි දැකගැනීමට ලැබුණේ.

එලෙස ක්‍රීඩා පිටියට කඩාවැදුණු එම ප්‍රේක්ෂකයා දෝනි අසලට දිවවිත් ඔහුගේ දෙපාමුල වැටී ඔහුට ගෞරව කරන ආකාරය එහිදී දැකගත හැකි වුණා.

ජේකුමාර් ජානි නැමැති 21 හැවිරිදි එම ප්‍රේක්ෂකයා මේ වනවිට සඳහන් කරන්නේ තම සැත්කම සඳහා අවශ්‍ය වියදම පියවා ගැනීමට සහාය දෙන බවට දෝනි එම අවස්ථාවේ දී පොරොන්දු වූ බවයි.

දෝනිව හමු වූ ඒ විනාඩි කිහිපය තුළ තමන් අසනීපයකින් පෙළන බව දෝනි හඳුනාගත් බවයි එම ප්‍රේක්ෂකයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, සම්බන්ධයෙන් දෝනි තමන්ගෙන් විමසා සිටි බවත්, එහිදී තමන් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවට දෝනිට පැවසූ බවත් එම තරුණයා සඳහන් කළා.

එම අවස්ථාවේ දී ඊට ප්‍රථිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් තමන් වෙත ලබාදෙන බවට මහේන්ද්‍ර සිං දෝනි පැවසූ බවයි ජේකුමාර් ජානි තරුණයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03