ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොදු දේපොළ පනත යටතේ පවතින නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (31) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුනා.
මෙම පෙත්සම අද (31) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළා.
ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පොදු දේපළ පනත යටතේ තම සේවාදායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැණි බවයි.
එවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙම පෙත්සමට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන බදාදා තෙක් කල් තැබීමට ද අභියාචනාධිකරණය නියම කළා.