කෙහෙළියගේ පෙත්සම සලකා බැලෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොදු දේපොළ පනත යටතේ පවතින නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (31) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුනා.

මෙම පෙත්සම අද (31) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළා.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පොදු දේපළ පනත යටතේ තම සේවාදායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැණි බවයි.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම පෙත්සමට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන බදාදා තෙක් කල් තැබීමට ද අභියාචනාධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08