AFC Banner
Empty Ad
Empty Ad

IPL තරගාවලියේ නිහඬ විරුවන්ට ලක්ෂ ගණනින් තෑගි දෙන්න ඉන්දීය ක්‍රිකට් ආයතන සැරසෙයි

සාර්ථක අයි.පී.එල්. තරගාවලියක් පැවැත්වීම වෙනුවෙන් විශිෂ්ඨ කාර්ය භාරයක් ඉටුකළ ක්‍රීඩාංගණ භාර සේවකයින්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා අද (27) නිවේදනය කළේ මෙවර අයි.පී.එල්. තරගාවලිය පැවති නිත්‍ය ක්‍රීඩාංගණ දහයේ ක්‍රීඩාංගණ භාරකරුවන් සහ සේවකයින් අගය කිරීමේ සංකේතයක් ලෙස රුපියල් ලක්ෂ 25 බැගින් ලබා දෙන බවයි.

ඒ, අනුව එම ක්‍රීඩාංගණ දහය සඳහා එක් ක්‍රීඩාංගණයකට ඉන්දීය රුපියල් ලක්ෂ 25ක මුදලක් පිරි නැමෙනවා.

මීට අමතරව අයි.පී.එල් තරග පැවැත්වීම සඳහා අමතර ක්‍රීඩාංගණ ලෙස යොදාගත් ක්‍රීඩාංගණ තුන සඳහා එක් ක්‍රීඩාංගණයකට රුපියල් ලක්ෂ 10 බැඟින් ලබාදෙන බවයි ජේ ෂා සඳහන් කළේ.

අයි.පී.එල්. තරඟාවලියේ ඊයේ චෙන්නායිහි දී නිමාවට පත්වූ අවසන් මහා තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක ජයක් ලබාගනිමින් ඔවුන්ගේ තුන්වන අයි.පී.එල්. ශුරතාවට හිමිකම් කීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?