AFC Banner
Empty Ad
Empty Ad

IPL තෑගි මුදලටත් වඩා වැඩි මුදලක් කොල්කටා හා හයිද්‍රාබාද් කණ්ඩායම් ක්‍රීඩකයින් දෙදෙනෙක් වෙනුවෙන් වැයකරලා

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඊයේ (26) රාත්‍රියේ අවසන් වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

මෙවර තරගවලියේ ශූරතාව හිමිකරගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පිරිනැමුණු ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 20ක්.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 72කට අසන්න මුදලක් වනවා.

ඊට අමතරව අනුශුරතාව දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5ක ත්‍යාග මුදලක් හිමි වුණා.

එය මෙරට මුදලින් රුපියල් කෝටි 45ක් පමණ වනවා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙකම තම සංචිතවල සිටි ක්‍රීඩකයින් දෙදෙනෙක් මිලදී ගැනීම වෙනුවෙන් ලැබූ ත්‍යාග මුදලට වඩා වැඩි මුදලක් වැයකර තිබීම ද විශේෂත්වයක්.

ඒ, අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචල් ස්ටක් වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියේ දී වැයකළ මුදල ඉන්දීය රුපියල් කෝටි 24.75ක් වනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කයුතු කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් වෙනුවෙන් වෙන්දේසියේ දී වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 20.75ක්.

එලෙස විශාල ධනයක් ක්‍රීඩක වෙන් දේසියේ දී වියදම් කරමින් මිලදී ගත් මෙම ක්‍රීඩකයින් දෙදෙනා මෙවර තරගාවලිය තුළ සිය කණ්ඩායම් දෙකට උපරිම වශයෙන් සාධාරණයක් ඉටුකළ බවයි ක්‍රිකට් විචාරකයින්ගේ මත වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
0
+1
13
+1
10
+1
1
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19
Video thumbnail
බලයට කෑදර සුසිල් - ලැජ්ජ නැතුව කියන කතා - "එක පරාජයකින් දේශපාලනය අත්හරින්න බෑ"
02:10
Video thumbnail
ගෑස් සිලින්ඩරය වැඩ අරඹයි - වැඩක් කළානම් ඡන්ද හිඟාකන්න ඕනිද?
03:38
Video thumbnail
දිනේෂ් ගුණවර්ධන ජනපතිට දාපු ලොකු සද්දේ - ගත්ත වරම හරියට ක්‍රියාත්මක කරන්න
03:37
Video thumbnail
අපි මිනිස්සු අගය කරන්න පුරුදු වෙමු...
06:47

?