අහුංගල්ලේ බබාගේ පියාට වෙඩි තැබූ සිද්ධියේ අයෙක් අල්ලයි

අහුංගල්ල පොලිස් වසමේ බෝපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙන්තර, කහබිලියාකන්ද ප්‍රදේශයේ දී ඊයේ (26) මෙම සැකකරු කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 36ක නිල්ලතන ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 410ක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර මෙම වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය කොස්ගොඩ, බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුදු ඉඩමක ගිනි තබා තිබිය දී පොලිසිය විසින් සොයාගනු ලැබුවේ වෙඩිතැබීම සිදුකර දින දෙකකට පසුවයි.

පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් මෙය සිදුකර ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුංගල්ලේ බබා නමැත්තාගේ පියා වන කීර්ති ආබෲ නැමැත්තා ජීවිත්කෂයට පත් වුණා.

මේ අතර මෙම අපරාධය සිදු කිරීමට වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් බව කියන “ආදරේ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය 13 වනදා අත්අඩංගුවට ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?