අහුංගල්ලේ බබාගේ පියාට වෙඩි තැබූ සිද්ධියේ අයෙක් අල්ලයි

අහුංගල්ල පොලිස් වසමේ බෝපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙන්තර, කහබිලියාකන්ද ප්‍රදේශයේ දී ඊයේ (26) මෙම සැකකරු කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 36ක නිල්ලතන ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 410ක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර මෙම වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය කොස්ගොඩ, බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුදු ඉඩමක ගිනි තබා තිබිය දී පොලිසිය විසින් සොයාගනු ලැබුවේ වෙඩිතැබීම සිදුකර දින දෙකකට පසුවයි.

පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් මෙය සිදුකර ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුංගල්ලේ බබා නමැත්තාගේ පියා වන කීර්ති ආබෲ නැමැත්තා ජීවිත්කෂයට පත් වුණා.

මේ අතර මෙම අපරාධය සිදු කිරීමට වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් බව කියන “ආදරේ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය 13 වනදා අත්අඩංගුවට ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11