AFC Banner
Empty Ad
Empty Ad

පෝයට හොරෙන් මත්පැන් විකුණූ අයෙක් පොලිස් දැලේ

වෙසක් පොහොය දිනයේ වැඩි මුදලට අලෙවි කිරීම සඳහා බලපත්‍ර නොමැතිව මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුහු සමඟම මත්පැන් අලෙවි කිරීමෙන් උපයාගන්නා ලද මුදල් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (23) යාපනය පොලිස් වසමේ මඩම පාර, ගුරුනගර් යන ලිපිනයේ පිහිටි වෙළදසැලක් තුළදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී බලපත්‍ර නොමැතිව රජයේ සීල් අරක්කු 180 ml බෝතල් 25 ක් වෙසක් පොහෝ දා වැඩි මුදලට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?