පෝයට හොරෙන් මත්පැන් විකුණූ අයෙක් පොලිස් දැලේ

වෙසක් පොහොය දිනයේ වැඩි මුදලට අලෙවි කිරීම සඳහා බලපත්‍ර නොමැතිව මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුහු සමඟම මත්පැන් අලෙවි කිරීමෙන් උපයාගන්නා ලද මුදල් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (23) යාපනය පොලිස් වසමේ මඩම පාර, ගුරුනගර් යන ලිපිනයේ පිහිටි වෙළදසැලක් තුළදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී බලපත්‍ර නොමැතිව රජයේ සීල් අරක්කු 180 ml බෝතල් 25 ක් වෙසක් පොහෝ දා වැඩි මුදලට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56