AFC Banner
Empty Ad
Empty Ad

ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ඩ්‍රෝන මෙහෙයුමකින් සොයා ගැනේ

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක කඩා වැටුණු ස්ථානය තුර්කි ඩ්‍රෝන මෙහෙයුමකින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ඩ්‍රෝන මෙහෙයුමෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් නැගෙනහිර අසර්බයිජාන් පළාතේ කඳුකර ප්‍රදේශයෙන් සොයාගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තුර්කි ප්‍රවෘත්ති ඒජන්සිය වන ඇනඩොලු වාර්තා කරනවා.

මේ වන විටත් එම ප්‍රදේශයට ගලවා ගැනීමේ හමුදා යවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ගමන්ගත් හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය ඊයේ (19) වාර්තා කළා.

ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ ඉදිකළ නව වේල්ලක් විවෘත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

එම හෙලිකොප්ටරයේ ජනාධිපති ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු සිට ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
4
+1
12
+1
8
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?