ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ඩ්‍රෝන මෙහෙයුමකින් සොයා ගැනේ

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක කඩා වැටුණු ස්ථානය තුර්කි ඩ්‍රෝන මෙහෙයුමකින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ඩ්‍රෝන මෙහෙයුමෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් නැගෙනහිර අසර්බයිජාන් පළාතේ කඳුකර ප්‍රදේශයෙන් සොයාගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තුර්කි ප්‍රවෘත්ති ඒජන්සිය වන ඇනඩොලු වාර්තා කරනවා.

මේ වන විටත් එම ප්‍රදේශයට ගලවා ගැනීමේ හමුදා යවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ගමන්ගත් හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය ඊයේ (19) වාර්තා කළා.

ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ ඉදිකළ නව වේල්ලක් විවෘත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

එම හෙලිකොප්ටරයේ ජනාධිපති ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු සිට ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32