AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නිකුත් කර ඇති බවයි.

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා ද, මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා ද අදියර 01 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ අද (19) අලුයම 3.00 සිට හෙට (20) අලුයම 3.00 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?