පසුගිය 15 වනදා අවසන් වූ 2023/2024 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් උසස් පෙළ පංති ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කළා.
ඒ, අනුව එම සිදුන් වෙනුවෙන් එළඹෙන ජුනි මස 04 වනදා උසස් පෙළ පංති ආරම්භ කළ යුතු බවයි අදාළ චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත්තේ.
එම සිසුන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් තාවකාලික පදනම යටතේ සිසුන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා අනුව පංති ආරම්භ කළ යුතු වනවා.
මෙලෙස තාවකාලිකව ආරම්භ කරනු ලබන උසස් පෙළ පංතිවල 12 ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශ ඉගැන්විය යුතු අතර, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ පසු විධිමත්ව එම පංති ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.
අදාළ චක්‍රලේඛය පහතින්.






