නිවසක ඉහළ මහලෙන් වැටී 35 හැවිරිදි දෙදරු මව ජීවිතක්ෂයට (ඡායාරූප)

නිවසක ඉහළ මහලෙන් ඇද වැටී ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ, නාරංවිට, පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචි මනෝරි නිසංසලා හරිස්චන්ද්‍ර නැමැති 35 හැවිරිදි දෙදරු මවක්.

මෙම කාන්තාව ඊයේ (14) දහවල් වේලාගැනීමට දමා තිබූ ඇඳුම් ඉවත් කිරීමට නිවසේ ඉහළ මහලට ගිය අවස්ථාවේ ඉන් බිමට ඇද වැටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) ගම්පොළ ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර දොළුව හදිසි මරණ පරීක්ෂක ගාමිණී ගුණරත්න විසින් මරණ පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

DSC08154
DSC08157