රුසියාවට සහ යුක්‍රේනයට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික රණවිරුවන් යැවීම සම්බන්ධයෙන් ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විස් (පුද්ගලික) සමාගම කිසිඳු සම්බන්ධයෙන් නොමැති බව සඳහන් කරනවා.
එම සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගේ අත්සනින් යුතු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විස් (පුද්ගලික) සමාගමට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
ඇවන්ට් ගාර්ඩ් සමාගම මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වී තිබේ නම් හෝ සමාගමේ කිසිවෙකු මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ වී ඇති බවට සාක්ෂි ඇත්නම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවානොවී ඒවා ඉදිරිපත් කර ඔප්පුකරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.
මෙම චෝදනාව ඔප්පු කළ නොහැකි නම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී ධුරයේ ඉවත් විය යුතු බව ද එම නිවේදනයේ සඳහන්.
අදාළ නිවේදනය පහතින්..

















