ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය ජයග්‍රහණයේ 79 වෙනි සංවත්සරය රුසියාව විසින් මැයි 09 වනදා සමරනු ලැබුවා.
ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු මන්දිරයේ දී උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබුණා.
ඒ, රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.
මෙම විශේෂ උත්සවය වෙනුවෙන් රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් මරීයා පොපෝවා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1















