සා.පෙළ ලියන්න සැරසෙන සිසුන්ට රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් උපදෙස් කිහිපයක් (වීඩියෝ)

මේ දිනවල ඇති වී තිබෙන උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය උපදෙස් කිහිපයක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ දියරමය පාන වර්ග වැඩිපුර ලබාගන්නා ලෙසයි.

ඊට අමතරව හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කරගන්නා ලෙසට උපදෙස් ලබාදුන් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විභාගයට සඳහා පාසල වෙත යන අවස්ථාවේ දී හිරු එළියෙන් ආවරණය වීමට කුඩයක්, තොප්පියක් වැනි දෙයක් පාවිච්චි කර ලෙසයි.

එමෙන්ම හැකි සෑම අවස්ථාවකම සිසිල් පරිසරයක රැඳී සිටින ලෙසට ද වෛද්‍යවරුන් විභාග අපේක්ක්ෂකයින්ට උපදෙස් ලබාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?