spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

විකුණන්න ගිය වාලම්පූරි 02ක් සමඟ තරුණයෙක් මාට්ටු (ඡායාරූප)

රුපියල් ලක්ෂ 08ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ වාලම්පූරි 02ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සකකරු 23 හැවිරිදි වියේ පසුවන කරවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

වාලම්පූරි 02ක් විකිණීම සදහා සූදානම්වන බවට ලැබූ තොරතුරක් මත හෝටල් හිමියෙකු ලෙස පෙනී සිටි පොලිස් උපාය දූතයෙකු අදාළ තරුණයා සමඟ සම්බන්ධතා පවත්වා එය මිලදී ගන්නා බවයි පවසා ඇත්තේ.

ඒ අනුව අලෙවි කිරීම සඳහා පුත්තලම, පාලාවිය ප්‍රදේශයට රැගෙන ආ අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

එම වාලම්පූරි දෙක තමන්ට ලැබුණු ආකාරය සැකකරු මෙතෙක් අනාවරණය කර නොමැති අතර, සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?