පස් කන්දකට යට වී අයෙක් ජීවිතක්ෂයට

පස් කන්දක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මොරගල්හේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එලිපන්ගමුව, තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 48 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

මෙම පුද්ගලයා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අත්තිවාරමක් සකස් කරමින් සිටියදී පස් කන්දක කොටසක් ශරීරය මතට කඩා වැටීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් වරකාපොළ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල් බලධාරීන් පවසා ඇත්තේ ඒ වනවිටත් මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?