14 හැවිරිදි සිසුවා ක්‍රිකට් පිත්තකින් පහර දී 13 හැවිරිදි සිසුවාව ඝාතනය කරලා

ක්‍රිකට් පිත්තකින් පහර දී 14 හැවිරිදි පාසල් සිසුවෙක් 13 හැවිරිදි පාසල් සිසුවෙකුව ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය, මොන්ටක්‍රිස්ටො ප්‍රදේශයේ පදිංචිව සිටි ස්ටෑන්ලි ස්ටෙපික් නැමැති සිසුවෙක්.

පසුගිය 23 වනදා මෙම සිසුන් දෙදෙනා මොන්ටක්‍රිස්ටෝ ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් ක්‍රීඩාකර පස්වරුවේ යළි නිවෙස් වෙත යාමට පිටත්ව තිබෙනවා.

එහිදී 14 හැවිරිදි සිසුවා ස්ටෑන්ලි නැමැති සිසුවාගේ ක්‍රිකට් පිත්ත වතුර පිරුණු ස්ථානයක ඔබා ඇති අතර, එම අවස්ථාවේ දී ස්ටැන්ලි නැමැති සිසුවා එම සිසුවාට බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට කෝපයට පත් 14 හැවිරිදි සිසුවා ඔහුගේ ක්‍රිකට් පිත්තෙන් ස්ටැන්ලි නැමැති සිසුවාගේ හිසට පහර දී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ 13 හැවිරිදි ස්ටැන්ලි නැමැති සිසුවා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව මහනුවර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා පෙරේදා (29) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පහරදීම සිදුකළ 14 හැවිරිදි සිසුවා නාවලපිටිය පොලිස් අතර, ඔහුව නාවලපිටිය මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 06 වනදා දක්වා ළමා නිවාසයක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
2
+1
4
+1
11
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16