පොලිස්පතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

අරගලය පැවති සමයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධීන් වළක්වාලීමට කටයුතු නොකළේ යැයි ස්ථාන මාරුකර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරු පස්දෙනෙකුට මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනෙකු විසින් ගොණුකර තිබූ පෙත්සම් අද (29) අග විනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය පරිදි පෙත්සම්කරුවන්ට සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව සඳහන් කළා.

ඒ, අනුව පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපති තුන්දෙනකු එම පොලිස් ස්ථාන භාර ගැනීමට එකඟතාවය පළකිරීමත් සමගම ඔවුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කළා.

එහෙත් පෙත්සම්කරුවන් දෙදෙනෙකු පොලිස්පතිවරයා විසින් යෝජනා කරන ලද පොලිස් ස්ථාන භාරගැනීම සඳහා එකඟතාව පළ නොකළ අතර, ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් සඳහන් කළේ මේ හරහා සිය තනතුරු පහත හෙළීමක් සිදුව ඇති බවයි.

ඒ, අනුව එම පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනාගේ පෙත්සම් යළි සලකා බැලීම සඳහා මැයි මස 29 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14