කපුවෙක්ට සහ බිරිඳට නාකොටික් කොස්තාපල් ගුටි දීලා

ගලෙන්බිඳුනුවැව, හිඹුටුගොල්ලෑව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන දේවාලක සේවය කරන කපුමහතෙකුට සහ ඔහුගේ බිරිඳ පහරදීමේ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ සහෝදරයා බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා තම මවට ශාන්ති කර්මයක් කරගැනීම සඳහා කපුමහතා රැගෙන යෑමට යතුරුපැදියකින් පැමිණ ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ගම්වාසීන් විසින් එම පුද්ගලයන් දෙදෙනා රඳවාගෙන පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබා දී පොලිස් නිලධාරීන් එහි පැමිණි පසු සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර දී තිබෙනවා.

පහරකෑමට ලක් වූ කපුමහතා සහ ඔහුගේ බිරිඳ ගලෙන්බිදුණුවැව මූලික රෝහල ඇතුළත් කර ඇති අතර, බිරිඳ මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23