සිඟිතිගේ ගෙදර ගිය සුසිත ගැන දින කිහිපයක සිට තොරතුරක් නැහැ (වීඩියෝ)

පසුගිය 22 වනදා මිතුරෙකු සමඟ, ආරාධනයකට අනුව වස්සාඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසට ගිය බව කියන තරුණයෙක් මේ වනවිට අතුරුදන්ව ඇති බව එම තරුණයාගේ සහෝදරයා පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි සුසිත ජයවංශ නැමැති තරුණයෙක්.

මෙම තරුණයා පසුගිය 22 වනදා “සිඟිති” නමින් හඳුන්වන පුද්ගලයෙකුගේ නිවසට මෙලෙස ගොස් ඇති අතර, එම නිවස හිමි සිඟිති නැමැත්තා සහ නිවැසියන් ද මේ වනවිට අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් තරුණයා සමඟ 22 වනදා එහි ගිය අනෙක් තරුණයා පවසා ඇත්තේ තමන් නිවස අසළ රැඳී සිටිය දී මිතුරා සිඟිති යන අයගේ නිවසට ගිය බවයි.

කෙසේ වෙතත් සැළකිය යුතු වේලාවක් ගතවුවත් මිතුරා නොපැමිණි හේතුවෙන් තමන් දිගින් දිගටම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළත් එය ක්‍රියා විරහිතව තිබූ බවයි මිතුරා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර අදාළ තරුණයා ගිය නිවසේ, නිවෙස් හිමියන් එහි සිට වාහන දෙකකින් අධික වේගයෙන් නිවසින් පිටව යන ආකාරය අසල්වැසියන් දැක තිබෙනවා.

කෙසේ වෙතත් සිඟිති නැමැත්තා සුසිතගේ මිතුරෙකුට පසුව දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ සුසිත මරා දැමූ බවයි.

එමෙන්ම පොලිසියට ගොටු අල්ලන පිරිසක් තවමත් ඉන්නා බවත්, ඔවුන් ද මරා දමන බවට සිඟිති නැමැත්තා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය විමර්ශන මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?