අයිස් සමඟ ඇල්ලූ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ඇතුළු හතර රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට අත්ඩංගුවට ගන්නා ලද නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙක් ඇතුළු සැකකරුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

මුල්ලේරියාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කළා.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 434ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !