එක දවසට මරණ 4000ක් වාර්තා වූ රට

පළමු වරට පැය 24 ක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් ආශ්‍රිත මරණ 4,000 කට වඩා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රෝහල් තදබදයෙන් පිරී ඇති අතර ඇතැම් නගරවල ප්‍රතිකාර සඳහා ජනතාව බලා සිටින අතරතුර මිනිසුන් මිය යන බවද වාර්තා වනවා

එරට සෞඛ්‍ය පද්ධතිය බොහෝ ප්‍රදේශවල බිඳවැටීමේ අනතුරුදායක තත්ත්වයක පවතින බවද සඳහන්. බ්‍රසීලයේ මුළු මරණ සංඛ්‍යාව මේ වන විට 337,000 ක් පමණ වන අතර එය එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන බවයි වාර්තා වන්නේ

පවතින තත්ත්වය මැඩපැවැත්වීම සඳහා වන ඕනෑම අගුලු දැමීමේ පියවරකට ජනාධිපති බොල්සනාරෝ (Jair Bolsonaro) දිගින් දිගටම විරුද්ධ වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ආර්ථිකයට සිදුවන හානිය වෛරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබෙන අතර, පළාත් පාලන ආයතන විසින් අධිකරණය තුළ පනවා ඇති සමහර සීමාවන් ආපසු හැරවීමට ජනාධිපතිවරයා උත්සාහ කර තිබෙනවා

ඊයේ (06) නිවසින් පිටත රැඳී සිටි ආධාරකරුවන් අමතමින් ජනාධිපතිවරයා, නිරෝධායන ක්‍රියාමාර්ග විවේචනය කර තිබෙන අතර ,පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,195 ගැන ඔහු කිසිවක් ප්‍රකාශ කර නැති බවද වාර්තා වනවා

මේ දක්වා බ්‍රසීලයේ කොරෝනා වෛරස් රෝගීන් මිලියන 13 කට වඩා වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?