එක දවසට මරණ 4000ක් වාර්තා වූ රට

පළමු වරට පැය 24 ක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් ආශ්‍රිත මරණ 4,000 කට වඩා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රෝහල් තදබදයෙන් පිරී ඇති අතර ඇතැම් නගරවල ප්‍රතිකාර සඳහා ජනතාව බලා සිටින අතරතුර මිනිසුන් මිය යන බවද වාර්තා වනවා

එරට සෞඛ්‍ය පද්ධතිය බොහෝ ප්‍රදේශවල බිඳවැටීමේ අනතුරුදායක තත්ත්වයක පවතින බවද සඳහන්. බ්‍රසීලයේ මුළු මරණ සංඛ්‍යාව මේ වන විට 337,000 ක් පමණ වන අතර එය එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන බවයි වාර්තා වන්නේ

පවතින තත්ත්වය මැඩපැවැත්වීම සඳහා වන ඕනෑම අගුලු දැමීමේ පියවරකට ජනාධිපති බොල්සනාරෝ (Jair Bolsonaro) දිගින් දිගටම විරුද්ධ වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ආර්ථිකයට සිදුවන හානිය වෛරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබෙන අතර, පළාත් පාලන ආයතන විසින් අධිකරණය තුළ පනවා ඇති සමහර සීමාවන් ආපසු හැරවීමට ජනාධිපතිවරයා උත්සාහ කර තිබෙනවා

ඊයේ (06) නිවසින් පිටත රැඳී සිටි ආධාරකරුවන් අමතමින් ජනාධිපතිවරයා, නිරෝධායන ක්‍රියාමාර්ග විවේචනය කර තිබෙන අතර ,පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,195 ගැන ඔහු කිසිවක් ප්‍රකාශ කර නැති බවද වාර්තා වනවා

මේ දක්වා බ්‍රසීලයේ කොරෝනා වෛරස් රෝගීන් මිලියන 13 කට වඩා වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21