මැලේසියාවේ දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටී දරුණු අනතුරක්

මැලේසියාවේ බටහිර පෙරාක් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ දී ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

බටහිර පෙරාක් ප්‍රාන්තයේ ලුමුට් නාවික හමුදා කඳවුරේ දී අද උදෑසන 9.32ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානා දෙකේ සිටි පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුර හෙලිකොප්ටර් යන දෙක මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරන් පසු එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර, අනෙක් යානය අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?